1/13/12

වයලීනය ගැන බිඳක්

                                                        වයලීනය  ගැන  බිඳක් 




වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. 

වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information