Showing posts with label Hot news. Show all posts
Showing posts with label Hot news. Show all posts

2/20/12

ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනය




                     ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනය



සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45 කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්රමානයකඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් බහුල මිනිසුන් වූහ . 

වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය . 

වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය . 

තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය. 

වාදකයාගේ වාදනයට වැඩිම අවධානයකයොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩදරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ . 

වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45 කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත . 

කිසිවෙකු නොදැන සිටි මුත් වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ සිටින දක්ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි . 

දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .

ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්ෂණයක එක් අංගයක් විය.පරීක්ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ

"
ලොව සිටින දක්ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?" 

මෙම post ඵක මම Face book ඵකේ මගේ යහලූවෙක්ගෙන් උපුටා ගන්නා ලදි.
මෙම ලිපිය සම්බන්දව ඹයාලට දැනෙන සිතුවිල්ල comment ඵකකින් දාන්න.


මෙහි විස්තර සහිත වීඩියෝ ඵකත් බලන්නකෝ


11/17/11

Roland CUBE-XLGuitar Amplifiers



                 Roland CUBE-XL Guitar Amplifiers 



අද මම කියන්න යන්නේ Roland සමාගම විසින් අලුතින්ම දුන්වා දී තිබෙන

Guitar Amplifiers ඵක ගැනයි,ඇත්තෙන්ම මේ Guitar Amplifiers ඵක නම්

ගොඩක් වැදගත් ගිටාර් play කරන අයට තමයි,මේ Guitar Amplifiers ඵකේ

වෙන Guitar Amplifiers වලට වඩා විශේෂාංග වැඩියී,Guitar padal ඵකකුත්

තියෙනවා,



මෙහි Tones වෂයෙන් > Distortion, Metal, Metal Stack, Acoustic Simulator, Extreme.තියෙනවා,ඵ් වගේම හොද Effects Padal  ඵකකුත් තියෙනවා,

Effect ලෙස > including Chorus, Flanger, Phaser, Tremolo, Heavy Octave, plus independent Delay and COSM Spring Reverb. තියෙනවා.ඵ් වගේම

Guitar Tuner ඵකක්ද අන්තර්ගතයි,තවත් විශේෂතා මම පහලින් දමන්නම්,

බලලම ගන්නකෝ, වීඩියෝ ඵකත් පහලින් දාල තියෙනවා,




Rated Power Output
20 W
Nominal Input Level
INPUT: -10 dBu/1 M ohm
AUX IN: -10 dBu
Speaker
20 cm (8 inches)
Controls
POWER Switch, SELECT Switch, TUNER Switch, POWER SQUEEZER Switch

[JC CLEAN Channel]
VOLUME Knob
[LEAD Channel]
TYPE Switch (ACOUSTIC SIM, OVERDRIVE, DISTORTION, METAL, METAL STACK, EXTREME),
GAIN Knob, VOLUME Knob
[EQUALIZER]
BASS Knob, MIDDLE Knob, TREBLE Knob
[EFX/SOLO]
EFX/SOLO Knob (CHORUS, FLANGER, PHASER, TREMOLO, SOLO, HEAVY OCTAVE)
[DELAY/REVERB]
DELAY/REVERB Knob (DELAY, REVERB, SPRING)
Indicators
JC CLEAN Channel
LEAD Channel
TUNER
EFX/SOLO
POWER SQUEEZER
Connectors
INPUT Jack (1/4" phone type), AUX IN Jack (Stereo miniature phone type), FOOT SW Jack (TIP:SELECT, RING:EFX/SOLO) (1/4" TRS phone type), RECORDING OUT/PHONES Jack (Stereo 1/4" phone type)
Power Consumption
24 W
Accessory
Owner's Manual
Options
Footswitch (BOSS FS-5U, FS-6)
Size and Weight
Width
385 mm
15-3/16 inches
Depth
240 mm
9-1/2 inches
Height
385 mm
15-3/16 inches
Weight
9.0 kg
19 lbs. 14 oz.


Template Information