10/6/13

ප්‍රේමසිරි කේමදාස නම් ඔහු

                                                            ප්‍රේමසිරි කේමදාස නම් ඔහු




කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ප්‍රේමසිරි  කේමදාස 1937 ජනවාරි 25, දින මෙලොව උපත  ලෑබු ඔහු  ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන් සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය , හින්දුස්ථානී සංගීතය , බටහිර සංගීතය , වෙනත් අනේකවිධ සංගීත දහරාවන් , අද්යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ . ඔහුගෙන්  ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන  රුහුණ විශ්වවිද්යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

                                                                       ජීවන තොරතුරු

ළමා කාලය

තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු නොවූයේ . වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම . දිළිඳුකම නිසාවෙන්  කේමදාසගේ අධ්යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ . අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි.  ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ  වන විට අඩු  මිලකට මිලදී ගත හැකි  තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ . පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උර වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.
කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්යාලයේ හය වන ශ්රේණියේ උගනිමින් සිටියදී .  වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත  තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු  පිළීබඳ  විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ . කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට . ඔහුට හිමි  තිබූ උසස් වීම ප්රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.
කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්රවේශපත් නොගත්තේ . ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.
ඔහුට පාසලේ ජ්යේෂ්ඨ සහතික පත් විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී  ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත  තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි  තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ . 

                                                              තනු රචකයෙක් වශයෙන්


සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රප සංගීතය අධ්යක්ෂණය කරමින් කේමදාස  චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසියේ .බඹරු ඇවිත් චිත්‍රපට තුළින් ඔහු වන විට ශ්රී ලාංකේය  චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ . අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපට සංගීත අධ්යක්ෂණයෙන් දායක වූවේ  චිත්‍රපට සංගීත අධ්යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්රසංශාවට පාත් වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව් සංගීතයේ භාවිතය,  චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.
ශ්‍රී  ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපට සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන  ආචාර්ය ප්රේමසිරි කේමදාස  මහතා , ජයන්ත චන්ද්රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටත්, සිනමා ක්ෂේත්රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්යක්ෂණය කරන ලදඅම්මාවරුණේ චිත්‍රපට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු  වන විට ත් සිනමා ක්ෂේත්රය තුළ ලබා තිබූ ප්රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපට  සංගීත අධ්යක්ෂණයෙන් දායක වූවේ . ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්යාවී හැඳින්විය හැක.
ටෙලිනාට් සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාංකේය සංගීතයට තවත් අග්රගණ් කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට් සහ චිත්රපට අධ්යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්, ප්රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්යක්ෂණයෙන් දායක වූ ටෙලිනාට්යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.
කේමදාස ජයන්ත චන්ද්රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්යවලට , දායක වූවේ .
ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව  හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.
කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්රසංවාද) පිළිබඳ  ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ . එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.
 ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ් පරපුරක් ඔහු සතුව සිටියේ . මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ  නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී  ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්රියා කරති. වර්තමානයේ ශ්‍රී  ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්රයට පැමිණියවුන් .
හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්යකර්මයෙන් අනතුරුව  ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති  කේමදාස ශූරීහු නැවත සංගීත ක්ෂේත්රයට පිළිපන්නේ . මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ් ගෞරව සහිත  දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ . එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතය කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින්  ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.

                                             චිත්‍රපට සඳහා සංගීත අධ්යක්ෂණය



වර්ෂයචිත්‍රපටයවෙනත් සටහන්
1965සප්ත සොයාපළමු ඒකල අධ්‍යක්ෂණය
1966සැනසුම කොතැනද?එක්සත් ලංකා රසික සංගමය(1966) අතින් සම්මානයට පාත්‍ර විය
සීතල වතුර
කපටිකමලතා වල්පොල ගේ කුරුලු රෑන් ගීතය සහ පසුබිම් සංගීතය
1967රෑණ ගිරව්
මනමාලයෝ
1968ගොළු හදවතසරසවි සම්මානයට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සඟරාවේ සම්මානයට පාත්‍ර විය.
වනසරා
බයිසිකල් හොරා
1970නාරිලතාසරසවි සම්මානයට පාත්‍ර විය.
මොකද උනේ?විචාරක සම්මානය
1971සීයෙ නෝට්ටුව
1972නිදානයවිචාරක සම්මානය
1975අහස් ගව්වවිචාරක සම්මානය
1976ජනක සහ මන්ජු
1978බඹරු ඇවිත්ජනාධිපති සම්මානය
1980වසන්තයේ දවසක්OCIC සහ ජනාධිපති සම්මානය
හංස විලක්
1982කලියුගය
සොල්දාදු උන්නැහේජනිධිපති සම්මානය(පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී)
1983යුගාන්තයOCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
වසන්තත්තිල් ඔරු මානවිල්දකුණු ඉන්දීය චිත්‍රපටයකි. OCIC සම්මානයට පාත්‍ර විය.
රිදී නිම්නයජනාධිපති සම්මානය
1984තුන්වෙනි යාමයOCIC සම්මානය
1985හිමකතරජනාධිපති සම්මානය
1986යුගාන්තයOCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
1987මල්දෙණියේ සිමියොන්OCIC සම්මානයට පාත්‍ර විය.
1990සඳකඩ පහණසරසවි සම්මානයට පාත්‍ර විය.
සිරි මැදුරසරසවි, OCIC සහ ස්වර්ණ සංඛ සම්මානයට පාත්‍ර විය.
1992දොළොස් මහේ පහනසරසවි සම්මානය
මධුසමයOCIC සහ ස්වර්ණ සංඛ සම්මානය
1994සුරබිදෙනස්වර්ණ සංඛ සම්මානය
ලොකු දුව
1995මීහරකාස්වර්ණ සංඛ සම්මානය
1996මාරුතයස්වර්ණ සංඛ සම්මානය
1999ජුලියට්ගේ භූමිකාවOCIC සහ ජනාධිපති සම්මානයට පාත්‍ර විය.
2002අග්නිදාහයසිග්නිස් සම්මානය හා සරසවි සම්මානය
මතු යම් දවස
2005ගරිල්ලා මාකටින්ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය සහ සරසවිය සම්මානය
2006අම්මාවරුණේලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අවසන් සිනමා නිර්මාණය
2007භේරුණ්ඩ පක්ෂියාසිග්නිස් සම්මානය
2009එකමත් එක රටක
කණ්‍යාවී
 උපුටා ගැනීම විකිපීඩියාවෙන් 


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information