1/22/12

තත් සහිත වාද්‍ය භාණ්ඩවල ඉතිහාසය



                          තත් සහිත වාද් භාණ්ඩවල ඉතිහාසය 


                                              
කොහොමද යාලුවනේ ඹයාලට ? අදත් මම පෙරදිග සංගීතය පැත්තට තමයි යන්න යන්නේ.
මම මීට කලින් දාපු post ඵක ඹයාල කියවන්න ඇති නේද.වයලීනය ගැන, අද මම කියන්න
යන්නේ තත් වාද්ය භාණ්ඩ වර්ග කිරීම ගැන සහ ඵහි ඉතිහාසය ගැනයි.මෙම ලිපියෙදි මට
විකිපීඩියා ගොඩක් උදව් කලා.
අතීතයේ සිටම නාද රටා නැංවීම සදහා වාද් භාණ්ඩ යොදාගන ඇත. නවීන වාද් භාණ්ඩ එකතුවෙමින්ද පැවති වාද් භාණ්ඩ නවීකරණය වෙමින්ද වර්තමානය වන විට වාද් භාණ ගණකාවක්ම බිහිවී ඇත. එම වාද් භාණ්ඩවල ස්වාභාවය අනුව ඒවා වර්ගකොට ඇත.

තත් භාණ්ඩවල ඉතිහාසය 


ක්රි..1055 දී පමණ ආරම්භ වූ පොලොන්නරු යුගය ශ්රී ලංකාව තුළ යම්තාක් දුරට සංගීතය ව්යාප්ත වූ වකවානුවකි

මෙම යුගයේදී හින්දු ආගමික කටයුතු සදහා ඉහළ රාජ් අනුග්රහයක් ලැබුණු බවත් එකල සංගීතය හා නැටුම් පැවැත්වීමට "සරස්වතී මණ්ඩපය" නමින් ගොඩනැගිල්ලක් වූ බවත් ඉතිහාස තොරතුරු වල දැක්වේ. බුත්සරණ කෘතියෙහිද එක් ස්ථානයක "රසනැති දණ්ඩෙන් ගැසූවද වීණාව මධුරවූ ශබ්ද පවත්නා සේ" යනුවෙන් උපමාවක් සදහන් කර තිබේ. මෙම තොරතුරු වලට අනුව තත්වාද් භාණ්ඩ අතීතයේ සිටම ශ්රී ලංකාව තුළ භාවිතාවූ බව පැහැදිළි වේ.

                                    තත්වාද් භාණ්ඩ වර්ග

වර්තමානය වන විට ශ්රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෙසු රටවලද සංගීතය ඉතා ජනප්රිය අංගයක් වී ඇත. මේ නිසා වාද් භාණ්ඩද බොහෝමයක් බිහිවී ඇත. ශ්රී ලංකාවේ භාවිත වන වාද් භාණ්ඩ වැඩි ගණනක් ශ්රී ලංකාවට ලැබී තිබෙන්නේ අපරදිග රට වලිනි. පුරාණ අවධියේ සියලුම වාද් භාණ්ඩ කාණ්ඩ තුනකට වර්ග කර තිබුණි. එනම් ඝන හා අවනද්ධ, සුසිර හා තත්වාද් ලෙසය. නව සංගීත භාණ්ඩ බිහිවීමත් සමග එය පහත පරිදි කාණ්ඩ හයකට වර්ග කෙරිණි.
§                    ලෝහමය වාද් භාණ්ඩ
§                    සුසර වාද් භාණ්ඩ
§                    තත් වාද් භාණ්ඩ
§                    ස්වර පුවරු සහිත වාද් භාණ්ඩ
§                    අවනද්ධ වාද් භාණ්ඩ
§                    විදුලිය උපයෝගී කොට වයන වාද් භාණ්ඩ
ඉදිරියේදී තවත් විස්තර සහිත ලිපියකින් හමුවෙන්නම්, පුලුවන්නම් comment ඵකක්්, follow  ඵකක්, දාලම යන්නකෝ,

Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information