7/29/12

මැන්ඩලීනය ගැන බිඳක්


                                                        Mandolins


මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර ශාස්ත්‍රීය සංගීතයේදී ද සහය වාද්‍ය භාණ්ඩයක් සේ යොදාගැනුනි. දහසය හා දහහත්වැනි ශතවර්ශවලදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් මැන්ඩලීනය මෙරටට ගෙන එන්නට ඇතැයි සැලකේ.

 ශ්‍රී ලංකාව තුළ මැන්ඩලීනය වර්ග තුනක් භාවිත වේ. එනම්
  • ඉංග්‍රීසි මැන්ඩලීනය
  • ජපන් මැන්ඩලීනය
  • බෙන්ජෝ මැන්ඩලීනය
වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.
සහය :  Wikipedia


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information