ඔයාල ඹක්කොමට ආයුබෝවන්!
සංගීතය යනු විශ්ව භාෂාවක් කියල ඉතින් ඹයාලා දන්නවනේ. ඒත් ඹයාලා දන්නවද සංගීතයේ මූලික ස්වර බිහිවුනේ කොහොමද කියලා? ගොඩක් දෙනෙක් නම් දන්නවා
මම කියල දෙන්න යන්නේ තියරිය දන් නැති උදවියටයි.ඹයාල දන්නවද ස්වර කීයක්
තියෙනවද කියලා? සමහර අය කියයි 7යි කියලා.තවත් අය කයයි ස්වර12යි කියලා
උත්තරය තමා ස්වර අපිට ගනන් කරන්න බැරි තරම් තියෙනවා.ඵහෙනම් කොහොමද
ස්වර 7ක් වුනේ? මම කියල දෙන්නම්.කුරුල්ලෙක්ගේ සද්දය පවා ස්වරයක්.හිතල බලන්න කුරුල්ලො කී දෙනෙක් ඉන්නවද කියල.අපි කතා කරන ඵකත් ස්වරක්.

ඵයින් අමිහිරි ස්වර අයින් කරනවා. දැන් ස්වර 50000ක් ඉතුරුයිනේ ඵයිනුත් කනට මිහිරි ස්වර සහ කනට අමිහිරි ස්වර ලෙස බෙදනවා.කනට අමිහිරි ස්වර කියන්නේ මොනවද
කියලත් කියන්නම්කෝ, බස් ඵකක හයියෙන් හෝන් ඵක සද්ද කරද්දි අහගෙන ඉන්න බෑ නේද? ඒක අමිහිරි ස්වරයක්.කුරුල්ලන් අතර කාක්කා හයියෙන් කාක් කාක් කියද්දි අහගෙන ඉන්න බෑ නේද?ඵයත් අමිහිරි ස්වරයක්.අන්න ඵවැනි ස්වර බාගයක්ම අයින් කරනවා.දැන් ස්වර 25000යි‚ මේ ස්වර අතර කනට නෑසෙන ස්වරත් බාගයක්ම තියෙනවා උදාහරනයක් කියනවනම් පුංචිම පුංචි කුරුල්ලෝ,වැනි අයගේ හඩ මිහිරි වුනත් ඒ ස්වර අපිට ඇසෙන් හිමීට ඵවැනි ස්වරත් අයින් කරනවා.දැන් 12500යි‚මේ ස්වර අතර ඵකම හඩ තියෙන ස්වරත් ගොඩක් තියෙනවනේ ඵකම හඩ තියෙන ස්වරත්
අයින් කරනවා‚දැන් අපි හිතමු ස්වර 100ක් ඉතුරුයි කියලා.එම ස්වර 100න් එකිනෙකට
විරුද්ධ මිහිරිම ස්වර 12ක් තමයි අවසානයේ තෝරගෙන තියෙන්නේ,ඵම ස්වර 12 »
C C# D Ed E F F# G Ad A Bd B තියරි පාඩම දිගු පරාසයකට විහිදෙච්ච පාඩමක්
මේ විදියට කියල දෙන්න ටිකක් අමාරුයි නමුත් මම කෙටියෙන් සරලව ඹයාලට කියල දෙන්නේ, ගායනයටත් වාදනයටත් කලින් සංගීතයේ තියරිය දැනගෙන හිටියනම් හොදයි කියල දැන් ඹයාලටත් තේරෙනවා නේද?

(1 )බටහිර සංගීත පද්ධතිය (2) චීන සංගීත පද්ධතිය (3) හින්ඳුස්තානී සංගීතපද්ධතිය
බටහිර සංගීත පද්ධතිය (C D E F G A B) චීන සංගීත පද්ධතිය (ඩෝ රේ මී ෆා සෝ ලා ටී) හින්ඳුස්තානී සංගීත පද්ධතිය (ස රි ග ම ප ධ නි) මෙම සංගීත පද්ධති 3න් අපි භාවිතා කරන්නේ හින්ඳුස්තානී සංගීතපද්ධතිය (සරි ග ම ප ධ නි )හා බටහිර සංගීත පද්ධතිය (C D E F G A B)ය‚ මූලිකවම අපි ස රි ග ම ප ධ නි පාවිච්චි කලත් වාදනය සදහා භාවිතා කිරීමට පහසු නිසා
බටහිර සංගීත පද්ධතිය (C D E F G A B) භාවිතා කරයි‚ඵම නිසා මම ඹයාලට බටහිර සංගීත පද්ධතිය ගැන කියල දෙන්නම්. මෙම සංගීත පද්ධති 3 නම ඉතා විශාල පරාසයක විහිඳලා තියෙනවා‚ එත් මම ඹයාලට සරලව කියල දෙන්නම්. බටහිර සංගීත පද්ධතියේ ස්වර 12ක් තියෙනවා.මූලික ස්වර 7යි (CDEFGAB) හා උප ස්වර 5යි (C#EbF#G#Bb)
මෙම ස්වර 12න් තමා ලෝකෙ ඕනම ගීතයක් නිර්මාණය වෙලා තියෙන්නේ.
කවුරු ගීතයක් නිර්මාණය කලත් මෙම ස්වර 12න් පිට යන්න බෑ. ඵය නීතියක්. මෙම සංගීත පද්ධති 3 නේම නීති මාලාවක් තියෙනවා. ඵ් නීති මාලාවෙන් පිට යෑම තහනම්‚මිහිරි නිර්මාණයක් සදහා මෙම නීති මාලාව අනුගමනය කල යුතුමයි‚ඉදිරියේදී තවත් පාඩමකින් හමුවෙමු ඉතින් පෝස්ට් ඵකක් දාලම යන්නකෝ.